Wednesday 30 August 1995

ව්‍යාස තම කර්තව්‍යන් ඉටු කිරීම

 

1. ඍෂි වරුන් පැවසුවේය: ඕ සූත! උත්කෘෂ්ට යෝගි ශුක සමස්ථ අලෞකික ශක්තීන් ප්‍රාප්ත කරගත් පසු වේද ව්‍යාස කුමක්ද සිදු කළේද? කරුණාකර එය අප හට පවසනු මැනවි.

2-10. සූත පැවසිය: ඕ ඍෂි වරුනි ව්‍යාස හට එවකට අසිත, දෙවල, වෛශම්පායන, ජෛමිනි, සුමන්තු සහ අනෙකුත් ශිෂ්‍යයන් සිටියේය. ඒ සියල්ලන්ම වේදයන් අධ්‍යනයේ යෙදී සිටියහ. ඔවුන්ගේ ශික්ෂා කාලය අවසන් වූ කළ ධර්ම ප්‍රචාරය සඳහා සියල්ලන්ම පිටව ගියෝය. ශුක දේව මෝක්ෂය ලැබීමත් තම ශිෂ්‍යයන්ගේ පිටව යෑමත් පිළිබඳව සිතමින් කනස්සල්ලට පත් වූ ව්‍යාසට වෙනත් ස්ථානයකට යෑමට අවශ්‍යය විය. පසුව ඔහු තම ජන්ම ස්ථානය වන ගංගා නදිය පාමුලට ගොස් පෙර තමා විසින් අත්හැර දමන ලද ධීවර දියණියක් වන තම උත්කෘෂ්ට මෑණියන් වන සත්‍යවතී පිළිබඳව ස්මරණය කිරීමට තීරණය කළේය. ඉන්පසු එම ස්වර්ගය හා සමාන පර්වතය අත්හැර තම ජන්ම ස්ථානය වෙත පැමිණියේය. ඔහු ඉපදුණු දූපතට පැමිණ, ඔහු ධීවරයාගේ දියණිය සේම  රජුගේ බිරිඳ වූ රූමත් වත කොහේදැයි විමසීය. ධීවරයින් පිළිතුරු දුන්නේ තම රජු ඇයව ශන්තනු රජුට විවාහ කර දුන් බවයි. ඉක්බිති ධීවර රජ, ව්‍යස එහි සිටිනු දැක සතුටින් ඔහුට වැඳ නමස්කාර කර ඔහුට පිළිගැනීමක් ලබා දී දෙඅත් එක් කරමින් මෙසේ පැවසිය: "ඕ මුනි! දේවතාවුන්ට පවා කලාතුරකින් දැකිය හැකි ඔබව දැකීමට තරම් මා වාසනාවන්ත වූ විට මගේ උත්පත්තිය අද දිනයේ පවිත්‍ර වූ අතර ඔබ මාගේ පවුලද පවිත්‍ර කර ඇත. ඕ බ්‍රාහ්මණය! කමා කොට ඔබ වහන්සේ පැමිණි කාරණය මා හට පවසනු මැනවි. මාගේ පතිනිය, පුත්‍රයා සහ මාගේ සමස්ථ ධනය සහ මා සතුව ඇති අනෙක් සියල්ලම ඔබ අතේ තිබේ."

11-20. මෙසේ තම මෑණියන් වන සත්‍යවතීගේ අතීතය පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව අලංකාර සරස්වතී නදිය පාමුල ආශ්‍රමයක් ඉදිකර ප්‍රමෝදමත් මනසකින් යුක්තව තපසෙහි නිරත විය. කාලයාගේ ඇවෑමෙන් ශන්තනු ට දාව සත්‍යවතී හට පුත්‍රයන් දෙදෙනෙකු ලැබු කල ව්‍යාස දේව වනාන්තරයේ වාසය කළත් ඔවුන් දෙදෙනාව තම සොහොයුරන් සේ පිළිගෙන තුටු වූයේය. ශන්තනු රජූගේ පළමු පුත්‍රයා වූයේ සමස්ථ ගුණයන්ගෙන් පරිපූර්ණ, ඉතාමත් කඩවසම්, තම සතුරන්ට වද හිංසා ලබාදුන් චිත්‍රාංගදයි. දෙවන පුත්‍රයා වූයේ සමස්ථ ගුණයන්ගෙන් පරිපූර්ණ විචිත්‍රවීර්‍ය යි. මෙම පුත්‍රයන් ලැබීමෙන් ශන්තනු රජ ඉතාමත් තෘප්තියට පත් විය. මින් පෙර ශන්තනුට ඔහුගේ බිරිඳ ගංගා තුළින් එක් පුත්‍රයකු සිටියේය. (භීෂ්ම) ඔහු ඉතා ශ්‍රේෂ්ඨ විරුවෙකු සේම ශක්තිවන්තය; සත්‍යවතී ගේ පුත්‍රයන් දෙදෙනාද ඔහු හා සමානව ශක්තිමත් විය. සමස්ථ ගුණයන්ගෙන් පරිපූර්ණ තම පුත්‍රයන් තිදෙනා දුටු ශන්තනු කල්පනා කළේ දේවතාවුන්ට හෝ තමාව පරාජය කළ නොහැකි ලෙසිනි. කාලය පැමිණි විට ඇඳ පැළඳ සිටි වස්ත්‍රයන් මනුෂ්‍යයකු ඉවත් කර දමන්නා සේ ධාර්මික ශන්තනු  කලකට පසු ඔහුගේ වෙහෙසට පත් වූ ශරීරය අතහැර දැමීය. ශන්තනු රජු ස්වර්ගය වෙත නික්මුනු පසු ශක්ති සම්පන්න භීෂ්ම ඔහුගේ අවමංගල්‍ය කටයුතු නිසි පරිදි සිදු කළ අතර බ්‍රාහ්මණයන්ට පුණ්‍යායතනයන්ට විවිධ දෑ පරිත්‍යාග කළේය. ඔහු තම රාජ්‍ය නොපිළිගත් අතර ඔහු තම සොයුරු චිත්‍රාංගද දේවව්‍රත නමින් සිංහාසනාරූඩ කළේය. සත්‍යවතී පුත්‍ර පවිත්‍ර ආත්මා චිත්‍රාංගද ඔහුගේ බාහු ශක්තියෙන් කෙතරම් බලවත් වූවාද යත්, සතුරන් හට නිමක් නොමැති පීඩාවන් දැනෙන තරමට ශ්‍රේෂ්ඨ වීරයෙකු විය.

21-27. එක් අවස්ථාවක මහා ශක්ති සම්පන්න චිත්‍රාංගද තම විශාල සමඟ දඩයම් කිරීම සඳහා වනයට පැමිණි අතර ඒ මොහොතෙහි චිත්‍රාංගද නම් ගන්ධර්වයා දුටු රජු (දෙදෙනාගේම නම් එක හා සමානය) තම රථයෙන් බැස්සේය. ඕ මුනිවරුනි! පසුව එම වීරයන් දෙපාර්ශ්වය අතර පූජනීය හා පුළුල් කුරුක්ෂේත්‍ර ප්‍රදේශය තුළ වසර ත්‍රිත්වයක දරුණු සංග්‍රාමයක් සිදු විය. සංග්‍රාමයේදි ශන්තනු පුත්‍ර චිත්‍රාංගව ගන්ධර්ව චිත්‍රාංගද විසින් සංහාරය කළ අතර ඔහු ස්වර්ග ප්‍රාප්තිය ලැබීය. ඉක්බිති ගංගා පුත්‍ර භීෂ්ම අමාත්‍යවරුන් සමඟ තම ශෝකය ප්‍රකාශ කොට අවමංගල්‍ය උත්සවය පවත්වා විචිත්‍රවීර්‍යව සිංහාසනයට පත් කළේය. අලංකාර සත්‍යවතී තම පුත්‍රයාගේ වෙන්වීමෙන් බලවත් ශෝකයට පත් වුවාය:  නමුත් අමාත්‍යවරයන් සහ ආධ්‍යාත්මික ගුරුවරුන් ඇයව සනහාලු පසුව තම බාල පුත්‍රයා කිරුළ පැළඳ සිටිනු දැක තුටු වුවාය. ව්‍යාස දෙවද තම බාල සොයුරු කිරුළ පැළඳි බව අසා සතුටු විය.

28-39. කාලයාගේ ඇවමෙන් උත්කෘෂ්ට සත්‍යවතී පුත්‍ර විචිත්‍රවීර්‍ය තම යෞවන වියට පා තැබූ කල්හී භීෂ්ම ඔහුගේ විවාහය පිළිබඳව කල්පනා කළේය. එකල්හී කාශී නරපති සමස්ථ ගුණයන්ගෙන් පරිපූර්ණ තම දියණියන් තිදෙනා උදෙසා ස්වයම්වරයක් සූදානම් කළේය. ඒ සඳහා රජවරුන් සහ කුමරුන් දහස් ගණනකට ආරාධනා කළ අතර නිසි ලෙස නමස්කාර කළ ඔවුහු ගොස් ශාලාව අලංකාර කළහ. ඒ අවස්ථාවේදි මහා ශක්ති සම්පන්න භීෂ්ම තනිවම ඔහුගේ අශ්ව රථය මත නැගී පාබල හමුදාව සහ අශ්වාරෝහකයන්ට පහර දී එහි රැස්ව සිටි සියලුම රජවරුන් පරාජය කර කාශී රජුගේ දියණියන් තිදෙනා රැගෙන හස්තිනාපුරය වෙත රැගෙන යන ලදී. භීෂ්ම ඔවුන් තිදෙනා හට මව්වරු, සහෝදරියන් සහ දියණියන් සේ සැළකූ  අතර සිදු වූ සියල්ල ප්‍රමාදයකින් තොරව සත්‍යවතීට දැනුම් දුන්නේය. පසුව ඔහු වේද ඥානයෙන් පරිපූර්ණ ජ්‍යෝතිෂවේදීන් සහ බ්‍රාහ්මණයන් කැඳවා අතර ඔවුන්ගේ විවාහයට නැකැත් දිනයක් විමසීය. දිනය සහ සියලු පිළියෙල කිරීම සම්පූර්ණ වූ කළ විචිත්‍රවිර්‍ය එම යුවතියන් තිදෙනා විවාහ කරගැනීමට භීෂ්ම හට අවශ්‍ය විය.  මේ අතර අලංකාර නේත්‍රා සහිත වැඩිමහල් දියණිය (අම්බා) ගංගා පුත්‍ර භීෂ්ම හට මෙසේ පැවසිය:  "ඕ කුරු වංශයේ ශ්‍රේෂ්ඨතම ගංගා පුත්‍ර! ඔබ ධර්මය ගැන මනාව දන්නා අයෙකි. එබැවින් මා ඔබට තවත් කුමක් නම් පවසන්නද. ස්වයම්වරය අවස්ථාවේදී මා මනසින් ශාල්ව පිළිගත් අතර ඔහු ද ඉතා ආදරණීය හදවතින් මා දෙස බැලූ බව මට දැනුනි. දැන් එම පූජනීය පවුලට ගැලපෙන දේ කරන්න; ඕ ගංගා පුත්‍ර! ඔබ අසාමාන්‍ය ලෙස බලවත් පමණක් නොව ඔබ ආගම දහමේ ප්‍රමුඛයා ද වේ. ශාල්වට මානසිකව මාහා විවාහ වීමට අවශ්‍ය විය; දැන් ඔබ රිසි දේ සිදු කරන්න." 

40-44. වැඩිමහල් දියණිය මෙසේ පැවසු කළ භීෂ්ම තමන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව බ්‍රාහ්මණයන්, අමාත්‍යවරයන් සහ තම මෑණියන්ගෙන් විමසා සියල්ලගේම උපදෙස් රැගෙන දියණියට මෙසේ පැවසීය: "ඕ සුන්දරිය! ඔබට රිසි ඕනෑම ස්ථානයකට යා හැකිය" මෙසේ පවසා භීෂ්ම ඇයව නිදහස් කළ අතර කාශී රජුගේ අලංකාර දියණිය ශාල්වරාජ නිවසට ගොස් ඇගේ හදවතේ ආශාව ඔහුට මෙසේ පැවසුවාය: ඕ මහා නරපතිය! මා ඔබ හා බැඳී සිටින බව දැන, භීෂ්ම ධර්ම නියමයන්ට අනුව මා නිදහස් කළේය. එබැවින් මා ඔබ වෙත පැමිණියෙමි; මා සරණ පාවා ගනු මැනවි. ඕ නිරිඳුන්ගේ ශ්‍රේෂ්ඨය! මම ඔබේ නීත්‍යානුකූල බිරිඳ වනු ඇත, මක්නිසාද මා දැනටමත් ඔබ මාගේ සැමියා ලෙස සිතමි. ඔබත් මා ඔබගේ පතිනිය ලෙසින් සිතන්න."

45-46. ශාල්ව මෙසේ පිළිතුරු ලබා දුන්නේය: "ඕ සුන්දරිය! භිෂ්ම මා ඉදිරියේ ඔබේ අත අල්ලා ඔබව ඔහුගේ රථයකට ගෙන ගිය විට මා ඔබව සරණ පාවා නොගනිමි. වෙනත් පුද්ගලයෙකු ස්පර්ශ කේරූ ස්ත්‍රියක් බුද්ධිමත් මනුෂ්‍යකු විසින් සරණ පාවා ගන්නේ කෙසේද යන්න ඔබට පැවසිය හැකිද? භීෂ්ම ඔබව අත්හැර දැමූවද මා ඔබව සරණ පාවා නොගන්නෙමි."

47-48. ශාල්වගේ මෙම වදන් ශ්‍රවණය කෙරූ කාශිරාජ පුත්‍රි දැඩි ලෙස හැඩුවාය; නමුත් ශාල්ව ඇයව අත්හැරියේය. එබැවින් වෙනත් මාර්ගයක් සොයා ගත නොහැකි වූ ආපසු බෙල්ස්මා වෙත ගොස් කඳුළු සලමින් මෙසේ පැවසුවාය. "ඕ මහා වීරය! ඔබ මා මුලින්ම කරත්තයට රැගෙන ගෙන ගිය බැවින් මා විවාහ කර ගැනීමට ශාල්ව එකඟ නොවී මා අත්හැර දැම්මේය. එබැවින් ඕ මහාභාග! ධර්මය යනු කුමක්දැයි ඔබ හොඳින් දන්නා බැවින් ඔබ ධර්මය දෙස බලා මා සරණ පාවා  ගැනීම වඩා උචිතය. ඔබ විවාහ කර නොගතහොත් මා නිසැකවම ප්‍රාණය ත්‍යාග කරමි."

49-54. මෙය ඇසු පසු භීෂ්ම මෙසේ පැවසීය: "ඕ සුන්දරිය! ඔබගේ මනස වෙනත් අයෙකු කෙරෙහි ආකර්ශනය වී තිබෙන කල මා ඔබට උපකාර කරන්නේ කෙසේද? සන්සුන් හා පැහැදිලි මනසකින් ඔබ ඉක්මනින්ම ඔබේ පියා වෙත ආපසු යාම උචිතය. භීෂ්ම එසේ පැවසුවද ලජ්ජාව හේතුවෙන් නැවත තම පියා වෙත නොගිය ඇය (අම්බා) වනවාසයට ගොස් තපස් රැකීමට පටන් ගත්තාය. මේ අතර කාශී රජුගේ අනෙකුත් දියණියන් වන අම්බාලිකා සහ අම්බිකා, විචිත්‍රවීර්‍ය රජුගේ පතිනියන් බවට පත් වූවාය. මේ අනුව දක්ෂ විචිත්‍රවීර්‍ය රජු මෙසේ වාසලෙහි සහ උද්‍යාන තුළ විවිධ සැප සම්පත් භුක්ති විඳීමට පටන් ගත් අතර එමඟින් ඔහුගේ කාලය මෙසේ ගත විය. වර්ෂ නවයක් පුරා කම් සැප විඳ විචිත්‍රවීර්‍ය රජු ක්ෂය රෝගය හේතුවෙන් මරණයට පත් විය. තම පුත්‍රයාගේ මරණය හේතුවෙන් දුක් වූ සත්‍යවතී අමාත්‍යවරුන් සමඟ ඔහුගේ අවමඟුල පැවැත්විය.

55-56. පසුව ඇය පෞද්ගලිකව භිෂ්ම හට මෙසේ පැවසුවාය: "ඕ භාග්‍යවන්ත පුත්‍ර! දැන් ඔබ ඔබේ පියාගේ රාජ්‍යය හොඳින් පාලනය කර යයාති පවුල වඳ වී නොවන්නට වග බලාගන්න."

57-58. භීෂ්ම පැවසුවේය: "ඕ මෑණියනි! මා පියාණන් හට දැනටමත් ලබාදී ඇති පොරොන්දුව ඔබ අසා නැත්තේද? එහෙයින් කෙදිනක හෝ මාහට විවාහ වී රාජ්‍ය පාලනය කළ නොහැකිය." භීෂ්මගේ මෙම වදන් අසා සත්‍යවතී කලබලයට පත් වුවාය. ඇය මෙසේ සිතන්නට වුවාය: "දැන් කෙසේනම් පරපුරේ අඛණ්ඩතාව පවත්වාගන්නේද! රාජ්‍යය රජුගෙන් තොර වූ විට නිකරුණේ සිටීම සුදුසු නොවේ. මෙම තත්වය තුළ කිසිදු සතුටක් ලබා ගත නොහැක."

59-62. මෙසේ සිතමින් ඇය දැඩි ලෙස පීඩාවට පත් වූවිට ගංගාගේ පුත්‍රයා වූ භීෂ්ම ඇයට මෙසේ පැවසිය: "ඕ ගෞරවාන්විත තැනැත්තියනි! සැලකිලිමත් වීමෙන් ඔබේ මනස ගැන කරදර නොවන්න; දැන් විචිත්‍රවීර්‍යගේ බිරිඳගෙන් පුත්‍රයකු ලබා ගැනීමට පියවර ගන්න. උසස් පවුලක් ජන්මය ලැබූ හොඋත්කෘෂ්ට බ්‍රාහ්මණයෙකු කැඳවා විචිත්‍රවීර්‍යගේ බිරිඳ සමඟ ඔහු එකතු කරන්න. මා දන්නා තරමින් පරපුර රැක ගැනීම සඳහා මෙය සිදු කිරීමේ වරදක් නැත. මෙසේ මුනුපුරා උපදවා ඔහුට මේ රාජ්‍යය ලබාදෙන්න; මාද ඔහුගේ අණ පිළිපදින්නෙමි"

63-72. භීෂ්මගේ වදන් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සත්‍යවතී හට ඇගේ කන්‍යාභාවය තුළ ඇයට උපත ලැබූ ව්‍යාස දෙව සිහි වූවාය. ව්‍යාසව සිහිපත් වූ විගස සූර්‍යා මෙන් ප්‍රකාශිත එම තවුසා එහි පෙනී සිට ඔහුගේ මවට නමස්කාර කළේය. ඉතා ජවසම්පන්න වූ ව්‍යාසව භීෂ්ම විසින් නිසි පරිදි වන්දනාමාන කළ අතර සත්‍යවතී විසින් පිළිගත්තාය.  ඉන්පසු සත්‍යවතී මාතාව මෙසේ පැවසුවාය: "ඕ පුත්‍ර! දැන් ඔබ සහ විචිත්‍රවීර්‍ය ගේ පතිනිය එක් වී අලංකාර පුත්‍රයකු බිහි කරන්න." මවගේ වදන් ඇසුණු ව්‍යාස ඒවා වේදයන්හී නියෝගයක් ලෙස සැලකීය. ඔසප් කාලය එනතෙක් බලා සිටි ඔහු එහි නැවතී සිටියේය. නියමිත ඔසප් වීමේ කාලය පැමිණි විට, අම්බිකා ස්නානය කර, ව්‍යාස සමඟ එක් වී ඉතා බලවත් පුත්‍රයෙකු (දෘතරාෂ්ඨ්‍ර) ලබා ගත් නමුත් අන්ධයකු (ඇයගේ සංසර්ගයේ දී ව්‍යාස දුටු විට ඇය දෑස් පියා ගත් බැවින්) විය. එය දුටු සත්‍යවතී බෙහෙවින් කම්පාවට පත් වී ව්‍යාස හට රජුගේ අනෙක් පතිනිය හා එක්වන ලෙසින් පැවසුවාය. ඔසප් කාලය පැමිණි විට අම්බාලිකා රාත්‍රී කාලයේදී ව්‍යාස වෙත ගොස් ඔහු සමඟ එකතු වී ගැබ් ගත්තාය. නියමිත කාලය තුළ පුත්‍රයකු ජන්මය ලැබීය; එම දරුවා ඉතා සුදුමැලි පැහැයක් ගත් බැවින් සත්‍යවතී සිතුවේ නව දරුවා ද රාජධානියට නුසුදුසු බවයි. ඉක්බිති වර්ෂ අවසානයේදී නැවත සිය පුත්‍රයාගේ බිරිඳ වූ අම්බාලිකාට ව්‍යාස වෙත යන ලෙස ඉල්ලා සිටියාය. ඇය ව්‍යසාගෙන් ද එම අරමුණම ඉල්ලා සිටි අතර අම්බාලිකා ඔහුගේ විශ්‍රාම කුටිය වෙත යැව්වාය. නමුත් අම්බාලිකා බියට පත් වූ අතර  ඒ වෙනුවට ඇගේ මෙහෙකාරිය (පරිශ්‍රාමි) යැව්වාය. සේවිකාවගේ කුසෙන් ධර්මරාජගේ (යම) අංශුවක් ලෙස උත්කෘෂ්ට විදුර ජන්මය ලැබීය.

73-74. මෙසේ ව්‍යාසට පරපුර රැක ගැනීම උදෙසා දෘතරාෂ්ඨ්‍ර, පාණ්ඩු සහ විදුර නමින් බලවත් පුත්‍රයන් තිදෙනෙකු ලැබුණි. ඕ පාපයන් රහිත මහා ඍෂි වරුනි! ධර්මදර ලෙසින් හඳුන්වන මාගේ ගුරු ව්‍යාස දෙව වංශය පවත්වාගැනීම උදෙසා ධර්මයන්ට අනුකූලව ඔහුගේ සොයුරු විචිත්‍රවීර්‍ය ගේ පතිනියන්ගේ ගර්භයන් තුළ පුත්‍රයන්ට ජන්මය දුන් ආකාරයට මෙසේ විස්තර කළෙමි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ විසිවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.