Thursday 10 August 1995

මධු කෛටභ සංහාරය කිරීම

1-4. සූත පැවසිය: ඕ මුනිවරුනි! උත්කෘෂ්ට තාමසික දේවිය ජගත් ගුරු විෂ්ණුගේ ශරීරයෙන් පිටතට පැමිණි කල්හී අවධි විය.  බිය වි සිටි ප්‍රජාපතී දුටු එතුමා මේඝයන් තුළින් නැගෙන ගර්ජනාවක් මෙන් බ්‍රහ්මාව ආමන්ත්‍රණය කළේය. "ඕ භගවාන් පද්මයෝනි! ඔබ තපස අත්හැර මෙහි පැමිණීමට හේතුව කිමෙක්ද? ඔබ මෙතරම් භීතියෙන් හා කනස්සල්ලට පත්ව සිටින්නේ කුමක් හෙයින්ද? " 

5-6. මෙය ඇසූ බ්‍රහ්මා මෙසේ පැවසීය: "ඕ දේව! ඔබගේ කලාඳුරු තුළින් ජන්මය ලැබූ මධු - කෛතභ නම් ශක්තිමත් හා ඉතා භයානක අසුරයන් දෙදෙනා මා සංහාරය කිරීමට පැමිණ සිටි, මෙසේ බියට පත් වූ මා ඔබ වෙත පැමිණියෙමි. එබැවින් විශ්වයේ ස්වාමීනි! ඕ වාසුදේව! මා සිහිය විකල් වී සහ බියට පත් ව සිටි; මා බේරාගනු මැනවි."

7. එවිට විෂ්ණු පැවසිය: "දැන් ගොස් කිසිදු බියකින් තොරව සාමයෙන් විවේක ගන්න, එම අඥානයන් දෙදෙනාට මා සමඟ යුද්ධ කිරීමට ඉඩ දෙන්න; මා නිසැකවම ඔවුන් සංහාරය කරමි."

8-11. සූත පැවසිය:  සියලු දේවතාවුන්ගේ ස්වාමී වන විෂ්ණු දෙවිඳුන් මෙසේ ප්‍රකාශ කරන අතරතුර අහංකාරයෙන් මත් වූ එම දානවයන් දෙදෙනා බ්‍රහ්මාව සොයා පැමිණියේය. ඕ මුනිවරුනි! එම අසුරයන් දෙදෙනා ජලය මධ්‍යයේ සන්සුන් ආකල්පයකින් රැඳී සිටියේය. එක්බිති ඔවුන් මෙලෙස බ්‍රහ්මාව ආමන්ත්‍රණය කළහ: ඕ නුඹ පලා ගොස් මෙහි පැමිණියෙහිද? නුඹට පලා යාමට නොහැක. පැමිණ යුද්ධ කරනු, අනෙකාට ප්‍රථමයෙන් මා ඔබව සංහාරය කරමි. ඉන්පසු අප සර්පයා මත වැතිරී සිටින තැනැත්තාවද සංහාරය කරමි. එක්කෝ අප සමඟින් යුද වදිනු නැතහොත් ඔබලා අපගේ දාසයන් බවට පත්වනු. 

12-13. මෙය ශ්‍රවණය කෙරූ ජනාර්දන විෂ්ණු මෙසේ පිළිතුරු දුන්නේය: සංග්‍රාමය කෙරෙහි උම්මත්තකයන් වු දානවයනි! පැමිණ නුඹලාට රිසි පරිදි මා සමඟ යුද්ධ කරනු; මා නිසැකවම නුඹලාගේ අභිමානය මැඩපවත්වමි. ඕ බලවතුනි! මා විශ්වාස කරන්නේ නම්, පැමිණ යුද්ධ කරනු."

14-19. මෙය ඇසූ කිසිඳු ආධාරයක් රහිතව පවතින සාගරය මධ්‍යයේ සිටි අසුරයන් දෙදෙනා මහත් කෝපාවිෂ්ඨ දෙනෙත් සහිතව යුද්ධ කිරීමට පැමිණියහ. කෝපයට පත් අසුර මධු සටන් කිරිමට ක්ෂණිකව පැමිණි අතර කෛතභ හුන් ස්ථානයේම රැඳී සිටියේය. උම්මත්ත වූ ක්‍රීඩකයන් දෙදෙනා අතින් අත සටනක් ගෙන ගියේය; භගවාන් හරි සහ මධු වෙහෙසට පත් විය; කෛතභ පැමිණ සටන පටන් ගත්තේය. ඉක්බිති කෝපයෙන් අන්ධ වූ මධු සහ කෛතභ දෙදෙනාම නැවත නැවතත් මහා ශක්තිවන්ත විෂ්ණු සමඟ යුද්ධ කරන්නට විය. සටන දිගටම පැවතුනු අතර ස්වර්ගයේ සිට බ්‍රහ්මා සහ ආදි ශක්තිය සාක්ෂිකරුවන් වූහ. මෙලෙස සංග්‍රාමය දීර්ඝ කාලයක් පුරා පැවතිය අතර දානවයන්ට සුළු හෝ වෙහෙසෙක් නොදැනුණු අතර ඒ වෙනුවට භගවාන් විෂ්ණු වෙහෙසට පත් විය. මෙසේ වර්ෂ පන්දහසක් ගෙවී ගිය කල්හී හරි ඔවුන්ව සංහාරය කරන ආකාරය පිළිබඳව කල්පනා කළේය.

20-21. එතුමා සිතුවේය: "මා වර්ෂ පන්දහසක් පුරා මෙම ශක්තිමත් දානවන් දෙදෙනා සමඟ යුද්ධ කළද, මා හට වෙහෙස දැනෙනවා මිස ඔවුනට කිසිඳු වෙහෙසක් නොදැනේ; එය විශ්වයම ජනක කාරණයකි. මාගේ පරාක්‍රමයන්ට කුමක්ද සිදු වූයේ? එම දානවයන් වෙහෙසට පත් නොවන්නේ මන්ද; එයට හේතුව කිම? මෙය බරපතල ලෙස සිතා බැලිය යුතු කාරණයකි." 

22-24. මෙලෙස විෂ්ණු දෙවිඳුන් තම සිතුවිලි තුළ නිමග්නව සිටින දුටු අහංකාර අසුරයන් දෙදෙනා මේඝයන් තුළින් නැගෙන ගර්ජනාවක් මෙන් මහත් ප්‍රිතියෙන් මෙසේ පැවසිය: "ඕ විෂ්ණු! ඔබට මහන්සියක් දැනේ නම්, ඔබට අප සමඟ සටන් කිරීමට ප්‍රමාණවත්  ශක්තියක් නොවේ නම්, නුබේ දෑත් එක් කර ඉහළට ඔසවා අපගේ දාසයා ලෙසින් පිළිගනු; එසේ නැතහොත් අප සමඟ අඛණ්ඩව යුද්ධ කළ හැකිය. ඕ ප්‍රඥාවන්තය! පළමුව අප ඔබගේ ප්‍රාණය නිරුද්ධ කොට; ඉන්පසු චතුර් මුඛ බ්‍රහ්මාද සංහාරය කරමි. (මෙහි බ්‍රහ්මාට මුහුණු සතරක් ඇති බව සඳහන් කර ඇති හෙයින් මෙම සංග්‍රාමය සිදු වී ඇත්තේ කාල භෛරව විසින් බ්‍රහ්මාගේ එක් හිසක් වෙන් කිරීමෙන් අනතුරුවය.)

25-30. විශාල සාගරය මත සිටි එම අසුරයන්ගේ වදන් ශ්‍රවණය කෙරූ ප්‍රඥාධික විෂ්ණු මධුර ස්වරයෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කළේය. '' බලන්න විරුවනි! වෙහෙසට සහ බියට පත් වූ, පිරිහුණු, ආයුධ රහිත අයෙකු සහ කුඩා දරුවෙකු සමඟ කිසිවෙකුත් සටන් නොකරයි. මෙය විරුවන්ගේ ධර්මයයි. ඔබ දෙදෙනාම වර්ෂ පන්දහසක් පුරා මා සමඟ යුද්ධ කළේය. ඔබලා දෙදෙනෙකු වන අතර දෙදෙනාම එක හා සමානව ශක්තිවන්ත සේම විවේක කාලයන්හි දෙදෙනාම විවේක ගන්නේය; එනමුත් මා තනිව යුද්ධ කරමි.  එබැවින් මා මදක් විවේක ගෙන නිසැකවම ඔබ දෙදෙනා සමඟ යළින් යුද්ධ කරමි. ඔබ දෙදෙනා බොහෝ ශක්තිමත් සේම, නිෂ්ඵලව උඩගු වී ඇත. එබැවින් මදක් විවේක ගන්න. මද වේලාවක් විවේක ගැනීමෙන් පසු සාධාරණ යුද්ධ නීති වලට අනුකූලව මා ඔබලා සමඟ සටන් කරමි. හරි ගේ එම වදන් විශ්වාස කිරීමෙන් අනතුරුව නැවතත් සටන් කිරීමට සුදානමින් දුරින් රැඳී සිටියේය.  

31-39 ඔවුන් සැළකිය යුතු දුරකින් සිටින බව දුටු චතුර් භුජ විෂ්ණු මෙලෙස කල්පනා කළේය. "ඔවුන්ව මරණයට පත් කළ හැක්කේ කෙසේද?" මෙලෙස මද වෙලාවක් සිතීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හට සර්වබලධාරී දේවියගෙන් ඉච්ඡා මෘත්‍ය වරය ප්‍රාප්ත වී ඇති බවත් එබැවින් ඔවුනට කිසිඳු වෙහෙසක් නොදැනෙන බවත් වටහා ගත්තේය. "මා ඔවුන් සමඟ නිෂ්ඵල ලෙසින් සටන් කළෙමි; මාගේ ශ්‍රමය අපතේ ගොස් තිබේ. මෙය දැන දැනත් මා දැන් සටන් කරන්නේ කෙසේද?  එමෙන්ම මා සටන් නොකළහොත් සියල්ලන්ටම දුක් පමුණුවන වරය පිළිබඳව අහංකාරයෙන් සිටින මෙම දානවයන් දෙදෙනා සංහාරය වන්නේ කෙසේද? දේවිය විසින් වරප්‍රසාදයන් ලබා දුන් විට, ඔවුන්ගේ මරණය ද ප්‍රායෝගිකව කළ නොහැකි ය. මහත් පීඩාජනක තත්වයක් උදා වූ විට පවා තමාගේ මරණය අපේක්ෂා කරන්නේ කවුරුන්ද. භයානක රෝගාබාධ ඇති වුවද,  අසරණ භාවයට පත් වුවද කිසිවෙකුත් මරණය අපේක්ෂා නොකරයි;  එසේනම් මේ අහංකාරයෙන් මත් වු දානවයන් දෙදෙනා කෙසේනම් තම මරණය අපේක්ෂා කරම්ද? එබැවින් සමස්ථ ඉච්ඡාවන්ගේ ඵලයන් ප්‍රධානය කරන ආද්‍යා ශක්ති දේවියගේ සරණ පැතීම යෝග්‍ය වන්නේය. ඇය ප්‍රසන්න වූ විට කිසිඳු ඉච්ඡාවක් ඵල රහිත නොවන්නේය. මේ ආකාරට සිතමින් සිටියදි විෂ්ණු දෙවිඳුන් ගුවනේ සිට දිදුළමින් සිටින යෝග නිද්‍රා දේවිය දුටුවේය. ඉන්පසු පරම යෝගි භගවාන් විෂ්ණු දෑත් එක් කරමින් අසුරයන් සංහාරය කිරිම උදෙසා වරයන් ප්‍රධානය කරන ශ්‍රී මහාකාලි දේවිය ප්‍රශංසා කරන්නට විය.

40-46. විෂ්ණු පැවසිය: "ඕ දේවිය! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! නිර්මාතෘ සහ සංරක්ෂක වන මහාමායාවනි! ඔබ අනාදි මෙන්ම අනන්තය! වින්දනය සහ විමුක්තිය ප්‍රදානය කරන්න භාග්‍යමත් චිණ්ඩිකාවනි! මා ඔබවහන්සේගේ සගුණ හෝ නිර්ගුණ ස්වරූප නොදන්නා විට;  ඔබගේ අසීමාන්තර මහිමයන් දන්නේ කෙසේද! අද මා ඔබගේ අසීමිත පරාක්‍රමයන් විඳිනු ලැබුවේය, ඔබගේ නිද්‍රා ශක්තිය හේතුවෙන් මා මුර්ච්ඡා වූයෙමි. බ්‍රහ්මා විසින් නැවත නැවතත් මා අවධි කිරීමට උත්සාහ කළද, සංවිඥානික නොවන පරිදි මා මුර්ච්ඡා වි සිටියෙමි. ඕ මෑණියනි! ඔබගේ ශක්තියෙන් මා විසංඥව සිටි අතර ඔබ මා නිදහස් කළාය; මා බොහෝ වාරයක් සටන් කළෙමි. ඕ උපහාරයන් ප්‍රධානය කරන්නිය! මා දැන් වෙහෙසට පත්ව ඇත; නමුත් ඔබවහන්සේ එම දානවයන්ට වර ලබාදී ඇති හෙයින් ඔවුන් වෙහෙසට පත් නොවේ. මාන්නයෙන් උදම් වූ එම දානවයන් දෙදෙනා බ්‍රහ්මා මරණයට පත් කිරීමට සුදානමින් සිටි. එබැවින් මා ඔවුන්ට මා සමඟ සටන් කිරීමට අභියෝග කළ අතර ඔවුන්ද මේ විශාල සාගරය තුළ මා සමඟ යුද්ධ කළේය.

47-49. නමුත් ඔවුන්ගේ ඉච්ඡාව පරිදි තම මරණය සිදුවීමට ඔබතුමිය ඔවුනට වර ලබාදුන් හෙයින් මා ඔබවහන්සේගේ සරණ පතා පැමිණියෙමි. ඔබගේ සරණ පතන්නන් ඔබවහන්සේ ආරක්ෂා කරයි. එබැවින් ඕ සුරයන්ගේ ආපදාවන් දුරු කරන මෑණියනි! මෙම දානවයන් දෙදෙනා ඔබවහන්සේගෙන් ලද වරය හේතුවෙන් අතිශය උද්දාමයට පත්ව සිටී. මාද බොහෝ වෙහෙසට පත්ව ඇත. එම නිසා ඔබවහන්සේ මාහට උපකාර කළ යුතුය. බලන්න! එම පාපින් දෙදෙනා මා සංහාරය කිරීමට සුදානමින් සිටී, ඔබතුමියගේ කරුණාව රහිත මා කුමක් කරම්ද? කොහේ යම්ද?

50-51. මෙලෙස අනන්ත වාසුදේව ජගන්නාත හරි නිහතමානිව කෙරු වර්ණනාවෙන් අනතුරුව, මහාකාලි දේවිය ගුවනෙහි ප්‍රකට වී විෂ්ණු ආමන්ත්‍රණය කළාය. "ඕ දේවාදි දේව හරි! නැවත සටන් කරනු! ඕ විෂ්ණු! මෙම වීරයන් දෙදෙනා මාගේ මායාවට හසුවි ඔබ අතින් සංහාරය වනු ඇත. මාගේ බැල්මෙන් මා ඔවුන්ව නිසැකවම වසඟ කරගන්නෙමි; ඕ නාරායන! මාගේ මායාව ක්‍රියාත්මක වන මොහොතෙහි ක්ෂණිකව ඔවුන්ව සංහාරය කරනු!

52-59. සූත පැවසිය; භගවතී දේවියගේ මෙම ආදරණීය වදන් ශ්‍රවණය කිරිමෙන් අනතුරුව, විෂ්ණු දෙවිදුන් නැවතත් මහා සාගරය මධ්‍යයේ සංග්‍රාමය සිදුවන ස්ථානය කරා පැමිණියේය. යුද්ධ කිරීම සඳහා සූදානමින් සිටින දානවයන් දෙදෙනා විෂ්ණු දැක ඉතා සතුටු වී මෙසේ පැවසූහ: "ඕ චතුර්භුජා ධාරීය!  අප ඔබේ ආශාවන් ඉතා උසස් බව දකින්නෙමු; යහපති; නැඟීටිනු! නැඟීටිනු! ජය පරාජය නිසැකවම දෛවය මත බව දැනගනිමින් සංග්‍රාමය සදහා සූදානම් වෙනු.  ඔබ දැන් මෙසේ සිතිය යුතුයි; "බලවත් තැනැත්තන් ජයග්‍රහණය කරන බව සාමාන්‍යයෙන් සත්‍යයක් වුවද; ඇතැම් විට දෛවය හේතුකොට දුර්වලයන්ද ජයග්‍රහණය කරන අවස්ථාවන් තිබේ; එබැවින් උසස් ආත්මයක් ඇති පුද්ගලයින් ඔවුන්ගේ ජයග්‍රහණ ගැන සතුටු නොවිය යුතු අතර පරාජය ගැන ශෝකය ප්‍රකාශ නොකළ යුතුය. එසේ ඔබ අතීතයේ බොහෝ දානවයන් සමඟ බොහෝ සටන් කළ ජයග්‍රහණය ලබා ගත් බව සිතමින් සතුටු නොවන්න; දැන් ඔබ දානවයන් දෙදෙනෙකු හේතුවෙන් පරාජය වීම පිළිබඳවද ශෝක නොවන්න." මෙලෙස ප්‍රකාශ කර මධු සහ කෛතභ යුද්ධය සඳහා පැමිණියහ. මෙය දුටු විට, ඉතා බලවත් ලෙස භගවාන් විෂ්ණු ඔවුන්ට පහර දුන්නේය. ඔවුන්ගේ ශක්තීන් පිළිබඳව සතුටු වන දානවයන් දෙදෙනා ඔවුන්ගේ හස්තයන්ගෙන් හරීට පහර දුන්හ. මෙසේ සටන දැඩි ලෙස ඉදිරියට ගියේය.

60-66. නොනවත්වා සටන් කරමින් සිටින දානවයන්ගේ අති මහත් ශක්තිය දුටු නාරායන හරි, මහාකාලි දේවිය වෙත පීඩා මුසු බැල්මක් හෙලුවේය. මෙසේ නාරායන වෙහෙසට පත් වී සිටිනු දුටු දේවිය ශබ්ද නඟා සිනහා සී, නිරන්තරයෙන් රක්ත වර්ණයට හැරී තිබෙන දෙනෙත් වලින් අසුරයන් දෙසට ආදරණීය සහ අනංගයාගේ හී මෙන් කාමුක බැල්මක් හෙලුවාය. දේවියගේ බැල්මෙන් දුෂ්ට අසුරයන් දෙදෙනා තුළ මහා තෘප්තියක් හට ගැනිනි. එයින් දැඩි ලෙස කලබලයට පත් වී නිර්මල ප්‍රභාවක් සහිත දේවිය දෙස එකහෙළා බැල්මක් හෙලුවේය. දානවයන් දෙදෙනා මහාමායාවට වසඟ වී ඇති බව දැනගත් භගවාන් හරිද දේවියගේ මෙම සිත් ඇදගන්නා සුළු ක්‍රිඩාව දුටුවේය. පරමාර්ථ සුරක්‍ෂිත කර ගැනීම සඳහා උපක්‍රම අනුගමනය කිරීමේදී පරිපූර්ණ ප්‍රවීණයෙක් වන හරි සිනහමුසු මුහුණෙන්, ඝෝෂාකාරී මේඝයක් හා සමාන ස්වරයකින් මෙසේ ආමන්ත්‍රණය කළේය.

67-68. "ඕ විරුවනි! ඔබලාගේ සටන් විලාශය කෙරෙහි මා අතිශයින් ප්‍රසන්න වූයෙමි. එබැවින් මාගෙන් වරයන් ඉල්ලනු. මා එවා ප්‍රධානය කරමි. මා පෙර බොහෝ දානවයන් යුද්ධ කරනු දැක ඇත; එනමුත් ඔබලා මෙන් ප්‍රවීණයන් මා කිසිදිනක දැක හෝ ශ්‍රවණය කර නොමැත; එබැවින් මා නුඹලාගේ අසීමිත ශක්තීන් කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූයෙමි. එබැවින්, බලවත් දානවයන් යුගල! නුඹලා ඉල්ලන ඕනෑම වරයක් මා ලබා දීමට සුදානම් වෙමි."

69-71. විශ්වයම තෘප්තිමත් කරන මහාමායා දේවිය දුටු දානවයන් දෙදෙනා තුළ අනුරාගි හැඟීම් පහළ විය. එබැවින් විෂ්ණුගේ වදන් වලින් උද්දාමයට පත්වූ ඔවුන් මෙසේ ආමන්ත්‍රණය කළේය; "ඕ හරි! ඔබ කුමක්ද අප හට ප්‍රදානය කිරිමට කැමති? අප යාචකයන් නොවෙමු; අපට නුඹගෙන් කිසිවක් අවශ්‍ය නොවේ; ඕ දේවතාවුන්ගේ ස්වාමීනි! ඒ වෙනුවට ඔබ රුචි ඔනෑම යමක් අප ඔබට ප්‍රධාන කිරීමට කැමැත්තෙමු. අප දායකයන් මිස; යාචකයන් නොවෙමු. එබැවින් ඕ වාසුදේව! හෘෂීකේශ!  අප ඔබගේ අපූරු සටන දැක අප සතුටු වෙමු; එබැවින් ඔබ කැමති ඕනෑම වරයක් විමසන්න. 

72. ඔවුන්ගේ වදන් ශ්‍රවණය කෙරු ජනාර්දන මෙසේ පැවසිය:  "ඔබ දෙදෙනාම මා පිළිබඳව එතරම් සතුටු වන්නේ නම්  මට මෙය අවශ්‍යයි, ඔබ දෙදෙනාගේ මරණය මා අතින් සිදුවිය යුතුය."

73-76. මෙය ඇසූ මධු සහ කෛතභ බෙහෙවින් පුදුමයට පත් වී සිතන්නට විය. " අප රැවටුනෙමි!" මද වෙලාවක් ශෝකයෙන් සිට හාත්පස ඇති ජලය දෙස බලා මෙසේ පැවසිය: "ඕ ජනාර්දන හරි! ඔබ සත්‍යවාදි බව අප දන්නෙමු; එබැවින් එබැවින් පෙර ඔබ අපට ලබාදීම අවශ්‍ය වූ වරය අපට දැන් අවශ්‍යය. දැන් අපට එම වරය ප්‍රධානය කරනු මැන. ඕ මධුසූදන! අපි ඔබ විසින් මරණයට පත්වනු ඇත; නමුත් ඕ මාධව! අපව සංහාරය කළ යුත්තේ ජලය රහිත ඝන පොළව මතයි."

77-79. ශ්‍රී භගවාන් හරි සිනහ සී සුදර්ශන චක්‍රය ආවාහනය කරමින් මෙසේ පැවසිය: "ඕ භාග්‍යමත් තැනැත්ත! ඇත්තෙන්ම මම ඔබ දෙදෙනාම ජලය රහිත විශාල ඝන පෘෂ්ඨයක් මත සංහාරය කරමි. මෙලෙස ප්‍රකාශ කරමින් දේවාදි දේව හරි තම කලවා විශාල කොට ජලය රහිත එම පෘෂ්ඨය දානවයන්ට පෙන්වමින් මෙසේ පැවසීය. " ඕ දානවයනි! බලන්න මෙහි ජලය බිඳක් හෝ නොමැත. ඔබගේ හිස් මෙහි තබනු; මා මාගේ වචනය ඉටු කරන අතර ඔබලාද ඔබලාගේ වචනය ඉටු කරනු.

80-83. මෙය ඇසූ මධු සහ කෛතභ මනසෙන් සිතා ඔවුන් ශරීරය යෝජනා දස දහසක ප්‍රමාණයට විශාල කරගත්හ. භගවාන් විෂ්ණුද තමන්ගේ කලවා ඊට දෙගුණයක් විශාල කෙරූ අතර මෙය දුටු ඔවුහු මහත් සේ කම්පනයට පත් වූහ. පුදුමයට පත් වී ඔවුන්ගේ හිස් විෂ්නුගේ කලවා මත තැබූහ. මහා ශක්තිවන්ත විෂ්ණු සුදර්ශන චක්‍රයෙන් තම කලවා මත ඇති ඔවුන්ගේ විශාල හිස් කඳෙන් වෙන් කරනු ලැබුවේය. මේ ආකාරයට මධු සහ කෛතභ දානවයන් මරණයට පත්වූ අතර ඔවුන්ගේ මේදයෙන් සාගරය පිරුණේය.

84 ඕ මුනිවරුනි! මෙය හේතුකොට භූ මණ්ඩලය මේදිනී යන නාමයෙන් හඳුන්වන අතර එය ආහාරයට ගත හැකි අරමුණක් සඳහා නුසුදුසු ය. මෙලෙස ඔබලා අයැදු සියල්ල මා මෙසේ විස්තර කළෙමි. නුවණැති පුද්ගලයින්ගේ එකතුව සහ ද්‍රව්‍යය මෙයයි මුළු හදවතින්ම මහාමායාවට සේවය කළ යුතුයි. උත්තරීතර ශක්තිය සියලු දේවතාවුන් විසින් වන්දනාමාන කරයි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ නම්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.